
ටික්කන් ජීවත්වන්නේ ඝනව වැඩුනු ලඳු සහ කැලෑ ප්‍රදේශ තුළය. ටික්කන්
බෝවීම වැළැක්වීමට තිබෙන හොඳම ක්‍රමය වන්නේ එවැනි ස්ථානයන්ට සුනඛයාව රැගෙන නොයාමයි.
ඊට අමතර වශයෙන් ටික්කන් විකර්ෂණය කරන නිෂ්පාදන පාවිච්චි කිරීමට ඔබට හැකිය.
ටික්කන්ගෙන් මිදීමට පහත කරුණු ඉවහල් වේ.
●
මුඛයෙන් දෙන ඖෂධ භාවිතය
●
ස්වාභාවික වළක්වාගැනීම
●
ෂැම්පු වර්ග සහ තෙත්කිරීම් භාවිතය
●
කාලෝචිත ප්‍රතිකාර කිරීම
●
ඔබගේ නිවස සහ තණබිස්ස මනාව පවත්වාගැනීම
ඔබට කළහැකි කරුණු තුනක් තිබේ.
●
ඝනව වැඩීමෙන් ටික්කන් පිරුණු ලඳු වදුලු ඔස්සේ ඇවිදයාමෙන්
ඔබේ සුනඛයාව වළක්වාගන්න.
●
සුනඛයා සිටින වටපිටාවේ ටික්කන් සිටීදැයි නිරතුරුව පරීක්ෂා
කරන්න. සහ
●
විශේෂයෙන්ම, සුනඛයා වැඩි කාලයක් එළියට ගොස් සිටියා නම්
ටික්කන් සිටීදැයි පරීක්ෂා කරන්න.
ඊට අමතරව පහත දැක්වෙන ක්‍රියාවන් කළ හැකිය.
●
ඔබගේ සුනඛයාගේ දිගු කාලීන ආරක්ෂාව සඳහා සුදුසු කෘමිනාශක
යොදන්න.
●
සාමාන්‍ය සුනඛ කරපටියට සමාන වූ ටික්කන් පිටුදැකීමේ කරපටියක්
සුනඛයාට පළඳවන්න.
●
ටික්කන් සහ මැක්කන් හැලීයන ෂැම්පු වර්ගයක් යොදා සුනඛයා
නාවන්න.
●
ටික්කන් සඳහා තිබෙන ස්ප්‍රේ වර්ගයක් භාවිත කරන්න.
නිවසේ දී සාදාගත් ඖෂධ භාවිත කරන්නේ කෙසේ ද?
●
ටික්කන් හැලීයන ස්වාභාවික ද්‍රව්‍යයන් භාවිතය මගින් ඔබගේ
සුනඛයාව කෘමිනාශක භාවිතයෙන් වළක්වාගන්න.
●
නිවසේ දී සාදාගත් ටික්කන් හැලීයන ස්වාභාවික කුඩු වර්ගයක්
පාවිච්චි කරමින් ඔබගේ සුනඛයාව පිරිසිදුව තබන්න.
●
ටික්කන් හැලීයන ශාකමය කරපටියක් පැළඳවීමෙන් ඔබගේ සුනඛයාව
ටික්කන්ගෙන් ආරක්ෂා කරගන්න.
●
ටික්කන් ඉවත්කරන ස්වාභාවික ෂැම්පු වර්ගයක් සාදාගන්න.
●
ඇපල් සයිඩර් විනාකිරි භාවිතකර ටික්කන් සහ මැක්කන් හැලීයන
ඖෂධයක් සකසා භාවිත කරන්න.
ටික්කන් සුනඛයාට ආකර්ශනය වීම අවම කිරීමට සුනඛයාගේ රුධිරය වෙනස් කරන
ඇපල් සයිඩර් විනාකිරි සහ සුදුලූනු සුනඛයාගේ ආහාරයට යෙදිය හැකිය. කුරුඳු, ලැවැන්ඩර්
සහ සිට්රස් ආදිය ලොම්වලට ගෑම ද කළ හැකිය. ටික්කන් ලොම්වලට ඇලී සිටීම ඒවායේ සුවඳින්
වළක්වනු ඇත.
සුනඛයන් සඳහා කාලෝචිත ප්‍රතිකාර අතරට ජෙල් සහ ද්‍රව ඇතුළත් වේ. මේවා
සුනඛයාගේ කොඳුනාරටියේ ගැල්වීමෙන් සමට උරාගැනීමට හැකියාව ඇතිවේ. මෙම ප්‍රතිකාරයෙන් ටික
දිනක් යනතුරු සම තෙල් ගතියෙන් යුක්ත වේ. සුනඛයන් සඳහා වූ කමිසයක් මගින් ටික්කන් බෝවීම
වළක්වාගැනීමට හැකි වේ.
මුඛ මාර්ගයෙන් දෙන ඖෂධ පශුවෛද්‍යවරයා වෙතින් ලබාගෙන මාසයකට එක්වරක්
පමණක් ලබාදෙන අතර කෙසේවෙතත් එම ඖෂධ වර්ග සුළු ප්‍රමාණයක් අවම වශයෙන් මාස තුනක් හෝ හයක්
ක්‍රියාකරී වේ. කාලෝචිත ප්‍රතිකාර සමග සැසැඳීමේ දී වේමා මිල අධික වේ. අඩුම වියදමක්
සහිත ක්‍රමය වන්නේ සුනඛයාව නෑවීමයි. ටික්කන් හැලීම සඳහා සාමාන්‍ය සබන් භාවිත කළ හැකිය.
අනෙක් අතර ටික්කන් වඳවීම සඳහාම නිවදවූ ෂම්පු වර්ගයක් ද පාවිච්චි කළ හැකිය. ද්‍රව්‍යමය
ඖෂධය අධික සාන්ද්‍රණයෙන් යුක්තවන බැවින් ඒවා භාවිතයට පෙර ජලය මිශ්‍රකර තනුක කරගත යුතු
අතර ස්පොන්ජ් කැබැල්ලකට පොඟවා සුනඛයාගේ සමෙහි ගැල්වීම හෝ ඉතා සියුම්ව සිරුරට වැක්කිරීම
කළ යුතු වේ.
මේ සියලු ක්‍රමවේදයන් අසාර්ථක වුවහොත් මැක්කන් ගලවා ඉවත් කිරීමේ ක්‍රමය
භාවිත කිරීමට ඔබට සිදුවනු ඇත. උන් ගලවා ඉවත් කිරිම පමණක් ඵලදායී නොවේ. මැක්කන් ඉවත්
කරන මෙවලමක් මෙම ක්‍රමය සාර්ථක කරගැනීමට ඔබට උපකාරී විය හැකිය.