
සුනඛ පැටියාට ආහාර දීම
විශාලත්වයෙන් පැතිරුණු සුනඛ ආහාර වර්ග අතරින් ඔබුගේ සුනඛ පැටවාට හෝ
සුනඛයාට ඔබින ආහාර වර්ගය තෝරාගැනීම අපහසු කාර්යයකි. කලින් කලට සුනඛයාගේ ආහාර අවශ්‍යතා
වෙනස්වන අතර විවිධ සුනඛ වර්ග ස්හා විවිධ ආකාරයේ ආහාර අවශ්‍යතා පවතී.
ඔබ අළුතින් සුනඛ පැටවකු මිලදී ගන්නා විට එම පැටවාට ලබාදුන් ආහාර පිළිබඳව
පැටවාගේ හිමිකරු විසින් ඔබව දැනුවත් කරනු ඇත. ඒවා ඛණිජ සහ පෝෂ්‍ය පදාර්ථ තුලිතතාවයෙන්
යුක්ත නොවිය හැකිය. එබැවින් ඔබගේ සුනඛ පැටවාට ප්රශස්ත ප්‍රමාණයේ පෝෂණ පදාර්ථයන් ලබාදීමට
ඔබට හැකිවන පරිදි නියමිත තුලිතතාවය සහිත ආහාර නිපදවන්නෙකු වෙතින් ඒවා මිලදී ගන්න.
නිරෝගී අවයව සහ පටක වර්ධනයට උපකාරිවන ප්‍රෝටීන් ප්‍රමාණයන් නිවැරදි
ප්‍රමාණයන්ගෙන් මෙම ආහාර වට්ටෝරුවල පවතී. ශක්තිමත් දත් සහ අස්ථි වර්ධනය සඳහා අවශ්‍ය
කෙරෙන කැල්සියම්, යකඩ, පොස්පරස්, මැග්නීසියම් සහ තුත්තනාගම ඉහළ මට්ටමින් තිබේ.
ඔබගේ සුනඛ පැටවාගේ උදරය කුඩා වුවත් දැඩි ආහාර රුචියක් තිබෙන බැවින්
පැටවාට ආහාර දීම සුළු ප්‍රමාණයන්ගෙන් අරඹන්න.
මාස 4 දක්වා පැටවාට දිනකට ආහාර වේල් හතරක් ප්රමාණවත්ය. මාස 6 දක්වා
දිනකට ආහාර වේල් හයක් දෙන්න.
ඉන්පසුව දිනකට ආහාර වේල් දෙකකි.
අධික ලෙස ආහාර දීමෙන් අධික බර, ජීර්ණ විකෘතිතා සහ අස්ථි ගැටළු ද ඇතිවිය
හැකිය. ආහාර දීමෙන් පසුව පැටවා විවේකීව තැබීමට අමතරව වියලි ආහාර ද්‍රව්‍ය දීමට පෙර
ඒවා පොඟවා දීමෙන් බඩ පිපුම සහ බඩපෙරලීම ද වැළැක්වීමට උපකාරී වේ. පැටවුන් වැඩෙන විට
උන්ගේ ආහාර රුචිය ද ඉහළ යයි. අපතින් මාස හයක් ගෙවුණු පසුව උන්ගේ වර්ධන අනුපාතය අඩුවන
අතරම උන් ගන්නා ආහාර ප්‍රමාණය ද අවම වේ.
පරිණත සුනඛයන්ට ආහාර දීම
ඔබගේ සුනඛයා පරිණතභාවයට එළැඹුණු විට ඔබ දෙන ආහාරය ක්රමික ආහාර රටාවකට
අනුව නඩත්තු කිරීමේ ආහාරයකට වෙනස් කළ යුතු ය. කිසියම් උදර රෝග වැළැක්වීම සඳහා එම ආහාර
වෙනස් කිරීම සිදුකරනු ලැබේ.
ආහාරය තුලිත වීම සඳහා සියලුම අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සුනඛයාට ලැබිය
යුතුය. හොඳ නිෂ්පාදකයකුගේ ආහාර කොටසක් අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ සැපයීම සඳහා උපකාරී
වේ. වියලි ආහාර, ටින්කළ ආහාර හෝ එම දෙකෙහිම සංයෝගයකින් සුනඛයාට ආහාර දිය හැකිය. විවිධ
වර්ගයේ සුනඛයා සඳහාවන වාණිජමය ආහාරයන් ද ලබාගත හැකිය.
ආහාර කාමර උෂ්ණත්වයෙන් දිය යුතු වේ. ව්‍යායාමවලින් පසුව හෝ ව්‍යායාම
ඇරඹීමට පෙර ආහාර දීමෙන් වළකින්න.
උසස් වර්ගයේ සුනඛයන්ට ආහාර දීම
විශාල මෙන්ම උසස් වර්ගයේ සුනඛයන්ට වයස අවුරුදු 5 සිට උසස් තත්වයේ සුනඛ
ආහාර දෙනු ලැබේ. එසේම කුඩා වර්ගයේ සුනඛයන්ට වයස අවුරුදු 7 සිට එම ආහාර දෙනු ලැබේ. උසස්
වර්ගයේ සුනඛයන් අවම ක්‍රියාකාරිත්වයෙන් මෙන්ම මන්දගාමී පරිවෘත්තීය ක්‍රියාවලියකින්
ද යුක්ත වේ. එබැවින් උන්ට අවශ්‍යවන කැලරි සහ මේද ප්‍රමාණය අඩුය.
උසස් වර්ගයේ ආහාර වයස්ගත සුනඛයන්ට දිය හැකි අතර එමගින් ඔවුන් ගැටළුවකින්
තොරව වයස්ගත තත්වයෙන් උසස් තත්වයට පත්වේ. වයස්ගත තත්වයේ සිට උසස් තත්වයට පත්වීමේ සී
සුනඛයන්ට සිදුවන වෙනස්කම් උසස් වර්ගයේ සුනඛ ආහාර වට්ටෝරැවේ පැහැදිලිව සඳහන් වේ.
ආහාර දීමේ වාර ගණන දිනකට 1 සිට 2 දක්වා සීමා කළ හැකි නමුත් නිශ්චිත
කාලයන්හි දී කුඩා ආහාර ප්‍රමාණයක් ගැනීමට උන් ප්‍රියකළ හැකිය. ඔබගේ සුනඛයාගේ බර වැඩිවීමත්
එමගින් ඔවුන්ගේ සන්ධි වේදනා ඇතිවීමට ඉඩ තිවෙන නිසාත් උන්ට ආහාර වැඩි ප්‍රමාණයක් නොදිය
යුතු ය.