
සුලබ සුනඛ රෝග
ඔබගේ නිවසේ දී සුනඛයන්ට පැතිරෙන සුලබ සුනඛ රෝග පිළිබඳව අපගේ වෙබ්
පිටුව පරිශීලනය කිරීමෙන් දැනගත හැකි වනු ඇත. මෙම රෝග වාතය මගින් පැතිරෙන අතර ඒවා දී
සුනඛයන්ගේ රුධිර ධාරාවට ඇතුළු වේ. මෙම ක්‍රියාවලිය සිදු වන්නේ බඩවැල ආශ්රිත තුවාල
සමග ගැටීම, සතුන් නිදන නිදන ස්ථාන සහ පිරිසිදුකාරක උපකරණ, කෘමීන් සහ ආසාදිත සතුන් ආදියෙනි.
සුනඛ කොරෝනා වෛරසය
බඩවැලේ පූර්ව කොටසේ 2/3 කට පමණ හානිකරන මෙය බඩවැල ආශ්රිත ආසාදනයකි.
බොහෝ විට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන අතර ඔවුන් විසින්ම එය ඉවත් කරගනී.
රෝගලක්ෂණ
මෙය වයස්ගත සුනඛයන්ට සිදුවන අතර ඇතැම් විට රෝගලක්ෂණ ඇති නොවිය හැකි
නමුත්, වමයනය, විජලනය සහ පාචනය ඇතිවිය හැකි ය.
ප්‍රතිකාර
අමතර ද්‍රවයන් සහ අයන ඖෂධ ලබාදීමෙන් සුනඛයන්ට ප්‍රතිකාර කිරීමට ඔබට
හැකි ය.
ඔබගේ සුනඛ පැටවා රෝගී තත්ත්වයෙන් පසුවන්නේ නම් සහ එය කොරෝනා වෛරසය
ලෙස ඔබ අදහස් කරන්නේ නම්, එය මාරාන්තික විය හැකි බැවින් පැටවා ඉක්මනින් පශු වෛද්‍යවරයා
වෙත රැගෙන යන්න.
සුනඛ සෙංගමාලය
සුනඛ ඩිස්ටෙම්පර් රෝගය ලෙස වැරදි ලෙස හඳුනාගන්නා මෙම රෝගය රුබාත් රෝගය
වශයෙන් ද හැඳින්වේ. මෙම රෝගය මුත්‍රා, අසූචි, කෙල සහ රුධිරය මගින් ද පැතිරිය හැකි ය.
රෝගලක්ෂණ
එය වකුගඩු සහ අක්මාවට බලපාන බැවින් සෙංගමාල රෝග ලක්ෂණ පෙන්වයි. අධික
උණ, ආහාර අරුචිය, උදර වේදනාව, කැස්ස, වමනය, අප්‍රාණික වීම සහ විදුරුමස් අවර්ණ වීම ද
ඇති වේ.
ඔබගේ සුනඛයාට, සුනඛ සෙංගමාලය වැළඳී ඇතැයි ඔබ සැක කරන්නේ නම් වහාම පශු
වෛද්‍යවරයා වෙත රැගෙන යන්න. සතාගේ අසූචි ඉවත් කර පිරිසිදු කරන්න. වෙනත් සුනඛයන් අසලට
යාමෙන් ඔබගේ සුනඛයාව වළක්වාගන්න.
සුනඛ ඩිස්ටෙම්පර් රෝගය
මෙම රෝගය වාතය මගින් සුනඛයාගෙන් සුනඛයාට සම්ප්‍රේෂණය වන අතර ස්පර්ශය
මගින් මෙම රෝගය බහුලව ව්‍යාප්ත වේ. එබැවින් මෙම රෝගය නිවාරණය සඳහා ඔබගේ සුනඛයාට එන්නත
ලබාදිය යුතු ය.
රෝගලක්ෂණ
පාචනය, වමනය, බරට හුස්ම ගැනීම, ආහාර අරුඩචිය, නාසයෙන් දියර ගැලීම,
ඇස් රතුවීම, කැස්ස, අධික උණ සහ අලස ගතිය.
වහාම පශු වෛද්‍යවරයා වෙත රැගෙන යන්න. සුනඛයා අනෙකුත් සුනඛයන් සමග
ගැවසීමෙන් වළක්වාගන්න.
සුනඛ ඉන්ෆ්ලුවන්සාව
සුනඛ ඉන්ෆ්ලුවන්සාව හේතුවෙන් සුනඛයන්ට කැස්ස ඇතිවන අතර ස්පර්ශය මගින්
දැඩිව පැතිරෙන ආශ්වාස ප්‍රශ්වාස ආසාදනයකි. සුනඛයන් ආසන්නයේ සිටින විට මෙය සම්ප්‍රේෂණය
වේ.
රෝගලක්ෂණ
කිවිසුම් යාම, කැස්ස, ශ්වසන අපහසුතා, නාසයෙන් දියර ගැනීම, විචල්‍ය
උණ, අලස බව සහ ආහාර අරුචිය.
ඔබගේ සුනඛයාට සුනඛ ඉන්ෆ්ලුවන්සාව වැළැඳී ඇතැයි අදහස් කරන්නේ නම් සුනඛයාව
වහාම පශු වෛද්‍යවරයා වෙත රැගෙන යන්න. එසේ නොවුනහොත් නිවුමෝනියාව වැනි ද්විතීයික රෝගලක්ෂණ
මතුවිය හැකිය.
සුනඛ පැරාඉන්ෆ්ලුවන්සාව
ආසාදිත සුනඛයන්ගෙන්, පොදුවේ භාවිත කරන නිදන ස්ථාන සහ බඳුන් ආදිය මගින්
මෙම රෝගය සම්ප්‍රේෂණය වේ. කූඩුවක් වැනි ස්ථානයක ඉතා ආසන්නව සිටින සුනඛයන් මගින් මෙම
රෝගය ඉතා ඉක්මනින් පැතිර යා හැකිය. ප්‍රතිකාර වශයෙන් ප්‍රතිජීවක ඖෂධ ලබා දිය හැකිය.
රෝගලක්ෂණ
නාසයෙන් දියර ගැලීම, වියලි ශබ්ද නැගීම හෝ වියලි කැස්ස සහ ඔක්කාරය.
මෙම රෝගය වැළැඳුණු ඇතැම් සුනඛයන්ට ආහාර රුචිය අඩුවන අතර ඇතැම් සුනඛයන්ට එම තත්වය ඇති
නොවේ. නිවුමෝනියාව ඇතිවීම දක්වා මෙම රෝගය වර්ධනය විය හැකි අතර අලස බව, අධික උණ සහ ඇතැම්
විරල අවස්ථාවන්හි දී මරණයට පවා පත්විය හැකිය.
ඔබගේ සුනඛයාට සුනඛ පැරාඉන්ෆ්ලුවන්සාව වැළඳී ඇතැයි අදහස් කරන්නේනම්
සුනඛයාව වහාම පශු වෛද්‍යවරයා වෙත රැගෙන යන්න.
ලේප්ටොස්පිරෝසිස්
මෙම රෝගය බැක්ටීරියාවක් මගින් හටගන්නා අතර ගලා නොයන දූෂිත ජලය මගින්
පැතිරේ. එබැවින් ඔබගේ සුනඛයා පොකුණු, ජලාශ, වැව්, ඇලවල් සහ මඩ දියකඩිති ඇදියෙන් ජලය
පානය කිරීමෙන් වලකාගන්න. මෙහි ආසාදන ද්‍රව්‍යය වන්නේ ගවයන්ගේ, ඌරන්ගේ සහ මීයන්ගේ මුත්රාය.
ඉහක කී පරිදි බැක්ටීරියාව හටගන්න බැවින් සත්ව ගොවිපලවල් මෙම රෝගය ආසාදනය බහුලව සිදුවිය
හැකි ස්ථානයන් වේ.
රෝගලක්ෂණ
ආහාර අරුචිය, වකුගඩු සහ අක්මාවට හානි කෙරේ. එබැවින් අධික ලෙස මුත්‍රා
පිටවීම සහ ජලය පානය කිරීම පුරුද්දක් වශයෙන් පැවතීමත් ඇස් කහපැහැ වීම සහ වමනය ඇතිවීම
පිළිබඳවත් අවධානයෙන් සිටින්න.
වහාම පශු වෛද්‍යවරයා හමුවන්න.
පාවෝවෛරසය
පාවෝවෛරසයේ රෝගය ස්පශය මගින් දැඩිව ව්‍යාප්තවන, ජීවිත අවදානම සහිත
වෛරස් රෝගයකි. ආසාදිත සුනඛ ආහාර, සුනඛ අසූඩි, රෙදිපිළි, කාපට් සහ බඳුන් මගින් මෙම වෛරසය
සම්ප්‍රේෂණය විය හැකිය. පාවෝවෛරසය ද්‍රව්‍යයන් මත මාස ගණනක් සජීවීව පැවතිය හැකි බැවින්
ද එය ස්පර්ශය මගින් දැඩිව ව්‍යාප්තවන බැවින් ද එන්නත් ලබාදීම අත්‍යවශ්‍ය වේ.
රෝගලක්ෂණ
ආහාර අරුචිය, ලේ අතීසාරය, අලස බව සහ නිරන්තරව පවතින වමනය. වහාම පශු
වෛද්‍යවරයා වෙත රැගෙන යන්න. සුනඛයා අනෙකුත් සුනඛයන් සමග ගැවසීමෙන් වළක්වාගන්න.
ජලභීතිකාව
මෙම රෝගය මාරාන්තික වෛරස රෝගයකි. මෙම රෝගය ආසාදනය වූ වවුලෙකු හෝ වෘකයෙකු
සුනඛයකුව සපාකෑමෙන් රෝගය සම්ප්‍රේෂණය වේ. වවුලාගේ හෝ වෘකයාගේ කෙල සුනඛයකුගේ තුවාලයක
ගෑවීමෙන් රෝගය සම්ප්‍රේෂණය වේ.
රෝගලක්ෂණ
අධික උණ, හකුව එල්ලාවැටීම, පක්ෂාඝාතය, ගිලීමේ අපහසුතාවය, ප්රචණ්ඩ
වීම, සමායෝජනය දුර්වල වීම, කටින් කෙල වැගිරීම සහ නිරන්තරව ඇතිවන චර්යාරටා වෙනස්කම්.
ඔබගේ සුනඛයා එන්නත්කර තිබුන ද මහාම ඔබගේ පශු වෛද්‍යවරයාගේ උපදෙස් ගන්න.